Sunday, February 23, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

උදය කුමාර



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගිනි අවිය ලබාදීම සම්බන්ධයෙන් අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිසිය දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පොලිසියට අවසර ලබාදෙන අතර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසයි.