Sunday, February 23, 2025

General line - 0115112241

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ - ජනපති කියයි



රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

රට තුළ මේ වන විට මතුව ඇති තත්ත්වය පාතාල කල්ලි අතර ඇති වූ ගැටුමක් පමණක් බවත්, එය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසුවා. 

මේ අතර පසුගියදා ඉදිරිපත් කළ අයවැය පිළිබඳ පැනනැගී ඇති විවේචන සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා. 

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඊට පිළිතුරු ලබා දුන්නා. 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් පළ කළා.