Wednesday, March 26, 2025

General line - 0115112241

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව විපක්ෂ නායක කියයි



වර්තමාන රජය රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද වන විට රට තුළ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

දැරණියග ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවා.

කාන්තාවන්ගේ සෑම අයිතියක්ම ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබන්නේ සමගි ජනබලවේගය තුළින් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.