Monday, February 24, 2025

General line - 0115112241

මෙරට ආර්ථිකය ගැන ජනතා විශ්වාසය ඉහළට - වෙරිටේ රිසර්ච් අනාවරණයක්



වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කරන “රට හිතන හැටි” ජනමත විමසුමේ මෙම මාසයට අදාළ ප්‍රතිඵලවලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් තිබෙනවා.

2024 වසරේ ජූලි මාසයේ එය සියයට 24ක්ව පැවති අතර මේ වන විට එය සියයට 62%ක් දක්වා ඉහළට ගොස් ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේ.

ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් සියයට 55ක්  ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි එම සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් එම සමීක්ෂණයට අනුව ජනගහණයෙන් සියයට 47කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බවයි. 

ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය සියයට 60 සිට සියයට 16 දක්වා අඩුව තිබෙනවා.

ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද සියයට 65 සිට සියයට 14 දක්වා අඩුව ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකල නවතම සමීක්ෂණය මඟින් අනාවරණ වී ඇත්තේ.