ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස එරට ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ නායක ෆෙඩ්රික් මර්ස් පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඊයේ පැවති ජර්මානු මැතිවරණයේ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 28ක් මධ්‍ය දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට හිමිවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
්ත්‍ෘ හෙවත් අන්ත දක්ෂිණාංශික ජර්මනිය සඳහා විකල්පය නැමති දේශපාලන පක්ෂයට ප්‍රකාශිත ඡන්දවලින් සියයට 20යි දශම 5ක ප්‍රතිශතයක් හිමිවනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
ජර්මානු චාන්සලර් ධූරය හෙබවූ ඔලාෆ් ෂෝල්ස්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර මැතිවරණ ප්‍රතිඵල අනුව එම පක්ෂය තුන්වන තැනට ඇද වැටී තිබෙනවා.