Wednesday, March 26, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් තුන්දෙනෙකු රිමාන්ඩ්

උදය කුමාර



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටි එම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව අදාළ සැකකරුවන් තුන්දෙනා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය එහිදී නියෝග කළේ.