Monday, February 24, 2025

General line - 0115112241

බුද්ධි තොරතුරුවලට ප්‍රතිචාර දැක්වීම ප්‍රමාදයි ද? - මැති සබයේදී සංවාද



ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රයක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ පිළිබඳව ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් රටට අවශ්‍ය වන බවයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

විපක්ෂ නායකවරයා යොමුකල ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ද එහිදී අදහස් දැක්වූවා. ඔහු කියා සිටියේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂ අංශ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. 

ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ විමර්ශනවලට බාධා නොවන පරිදි අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් බවයි.