Friday, March 28, 2025

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 400ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට

මාධව කුලසූරිය



කේරළ ගංජා කිලෝ 400ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ යුද හමුදා බුද්ධි තොරතුරක් මත කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේ පිහිට වූ හදිසි මාර්ග බාධකයකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් මසුන් ප්‍රවාහනය කරන ලොරි රථයකින් එම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කර තිබෙනවා.

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් මෙරටට ගෙන ආ එම කේරළ ගංජා තොගය යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේදී ලබාගෙන මෙරට තුළ බෙදා හැරීමට රැගෙන යමින් සිටියදී සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 50කට ආසන්නයි.

එම කේරළ ගංජා තොගය සහ සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.