Tuesday, February 25, 2025

General line - 0115112241

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද - සජබය අයවැයට විරුද්ධ වෙයි



2025 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, 07 වන දිනටත් අයවැය දෙවනවර කියවීමේ විවාදය අද දිනයේ පැවැත්වීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 09.30ට ආරම්භ වන අතර අයවැය විවාදය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

පස්වරු 06.00 දක්වා එම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසුම පැවැත්වෙනු ඇති. 

මේ අතර අද පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වන බ්‍රහස්පතින්දා සිට මාර්තු මස 21 වනදා දක්වා සෙනසුරාදා දින 04ක් ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි.