එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
මේ පිළිබඳ සාකච්ඡා වී ඇත්තේ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස් වූ අවස්ථාවේදීයි.
එහිදී සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වා ගෙන යාමටත්, එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීමටත් සාකච්ඡා වී තිබෙනවා.
උත්සව සමයේදී අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට මෙවර අයවැය මගින් රුපියල් බිලියනයක් වෙන් කෙරුණා.
එමෙන්ම වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල උච්චාවචනය අවම මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.
වී මිලදී ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, වී මිලදී ගැනීම සදහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුකම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමටයි සාකච්ඡා වී ඇත්තේ.
ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා.
ඒ පිළිබඳ සොයාබලන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.
මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකු වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබා ගෙන ඇති බවටයි මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත්තේ.
එබැවින් රජය මෙවර වී මෙටි්‍රක් ටොන් දෙලක්ෂ 50,000ක් මිලදී ගැනීමට අවශ්‍යව ඇති අතර, කුඩා වී මෝල් හිමියන්ද වී මිලදී ගැනීම සඳහා දිරිගැන්වීමට මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.