මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන පකිස්තානයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඒ, බංග්ලාදේශය සමඟ පැවති තරගයෙන් නවසීලන්තය කඩුලු 05ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 236ක් රැස් කළා.
නවසීලන්තය කඩුලු 05කට ලකුණු 240ක් රැස් කරමින් තරගය ජය ගත්තේ 47 වන පන්දු වාරයේදීයි.
ඒ අනුව පකිස්තානයට මෙන්ම බංග්ලාදේශයට ද මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
එමෙන්ම බංග්ලාදේශ - නවසීලන්ත තරගයෙන් නව ක්‍රිකට් වාර්තා කිහිපයක් ද බිහි වී තිබෙනවා.
මෙම තරගයේදී වාර්තා වී ඇති නිලකුණු පන්දු සංඛ්‍යාව 178ක්. එය වාර්තා වූයේ බංග්ලාදේශ ඉනිමෙන්.
එය ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කිසියම් කණ්ඩායමක් වාර්තා කළ වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවයි.
එමෙන්ම මෙම තරගයේදී නවසීලන්තය විසින් වයිඩ් පන්දු 22ක් යවා තිබෙනවා.
එය වාර්තා වන්නේ එක්දින තරගයක කිසියම් කණ්ඩායමක් යවනු ලැබූ දෙවන වැඩිම වයිඩ් පන්දු සංඛ්‍යාව ලෙසයි.