Thursday, May 29, 2025

General line - 0115112241

වැල්ලවාය, හෙනවල කඳු රක්ෂිතයේ ගින්නක්

ජයන්ත වීරසේකර



වැල්ලවාය, ගල්බොක්ක, හෙනවල කඳු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර පහළොවකට වඩා ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් එම ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් යොදා ඊයේ රාත්‍රිය වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.

ගින්න හේතුවෙන් රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ වන සතුන් රැසක්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.