සොරා ගත් ගවයින් ලොරි රථයකට පටවමින් සිටි පුද්ගලයෙකු බුලත්සිංහල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බුලත්සිංහල, තිබ්බොට්ටාව, 11 ලැයිම් ප්‍රදේශයේ කැලෑවක, සොරාගත් ගවයින් පටවන බවට බුලසිංහල පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
වැටලීම සිදුකල අවස්ථාවේදී ලොරි රථයට ගවයකු පටවා තිබූ අතර තවත් ගවයෙකු පැටවීමට සූදානම් කරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ.
කුලී පදනම මත ලබාගත් කුඩා ලොරි රථයකට සැකකරුවන් විසින් එම ගවයින් පටවා තිබෙනවා.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සමඟ සොරකම් කළ ගවයින් දෙදෙනා සහ කුලී පදනම මත ලබාගත් ලොරි රථය පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අදාළ සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම ලොරි රථය හල්වතුර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කුලී පදනම මත ලබාගෙන ඇති අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට ගවයින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවයි.