සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ අනුග්‍රාහකයෙකු නොමැතිව එය රැකියා වීසා බවට පරිවර්තනය කළ නොහැකි බවට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
කෙසේවෙතත් අනුග්‍රාහයෙකු සමඟ සංචාරක වීසා, රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර අය කළ බහරේන් ඩිනාර් 60ක ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළ නංවා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
පසුගිය වසරේ පෙබරවාරි මස 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළු වීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබුණා.
ඒ අනුව ඊට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් මෙම වසරේ ජනවාරි 14 වන දින එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.