ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
නව රජයට ඉන්දුනීසියානු රජයේ සුබ පැතුම් එක් කළ ඉන්දුනීසියානු තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය දෙරට අතර වසර 70ක මිතුදම ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව එහිදී සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වත්මන් රජය ආරම්භ කර තිබෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහයෝගය ලබාදෙන බවත් එවැනිම වැඩසටහනක් ඉන්දුනීසියාවේද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් තානාපතිවරිය සඳහන් කළා.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ණීය වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳ එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සමාජයීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගනිමින් දෙරටටම වාසි සහගත අයුරින් වෙළඳපළ පුළුල් කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.