අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු, මේ වන විට නීතිඥභාවය අත්හිටුවා තිබෙන පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම වසර 10කට අත්හිටුවන ලෙස අද නියෝග කළා.
විනිසුරු මඩුල්ල නියම කළේ අද සිට දින 90ක් තුළ රුපියල් ලක්ෂයක දඩමුදලක් ඔහු විසින් ගෙවා අවසන් කළ යුතු බවයි. යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
වග උත්තරකරු අදාළ චෝදනාවට වරද පිළිගැනීම නිසාත් වගඋත්තරකරුගේ මානසික තත්ත්වය යනාදී කරුණු සැලකිල්ලට ගෙන මෙලෙස අත්හිටවූ සිරදඬුවම් නියම කරන බවයි විනිසුරුවරු සඳහන් කළේ.
අභියාචනාධීකරණ ලේඛනාගාරයේ තිබූ නඩු ගොනුවක තිබූ ලේඛනයක් අනිතික ලෙස ලබාගෙන එය විනාශ කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මෙම පුද්ගලයාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණා.