දකුණු කොරියාවේ ෑ-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කෙසේවෙතත් එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවයි එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පැවසුවේ.
වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිත ආයතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබා නොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙසයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති, දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළා.