මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ අද රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුව තිබෙනවා.
ඒ අනුව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 04ක් එම ස්ථානයට යොමු කිරීමටයි පියවර ගෙන තිබුණේ.
පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට පිටත්ව ගොස් තිබුණා.
එම රසායනික ද්‍රව්‍ය කාන්දුවත් සමඟ ගිනි ගැනීමක් ද වාර්තා වී ඇති අතර පසුව එම ගින්න මැඩ පැවැත් වූ බවයි ගිනිනිවන ඒකකය පැවසුවේ.
රසායනික ද්‍රව්‍ය කාන්දුව සිදු වූ මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය ආශ්‍රිත ප්‍රදේශයට මුද්‍රා තැබීමට ද කටයුතු කර තිබෙනවා.