පසුගියදා කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඒ, කොටහේන පොලිසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරන ලද මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවට අද පැමිණ වූ අවස්ථාවේදීයි.
මෙම සැකකරු රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කළ බවත් ඔහු රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස ක්‍රමයේ පදිංචිව සිටි මෙම සැකකරු සැකකරු කොටහේන ප්‍රදේශයේ සිදු වූ ප්‍රහාරයේ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.