මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වීරකැටිය පොලිස් වසමේ වකමුල්ල ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි.
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.
37 හැවිරිදි සැකකරු හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 06 දෙනෙක්.