ආර්ථික ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ රජයේ දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස රාජ්‍ය ව්‍යවසාය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා.
ඒ, කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරින්ගේ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගයෙන්.
රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව, වගකීම සහ ජාතික ආර්ථික සංවර්ධනයට දායකත්වය වැඩිදියුණු කිරීම සඳහා ආයතනික පාලනය, මූල්‍ය කළමනාකරණය සහ දූෂණ විරෝධී පිළිවෙත් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
නිශ්චිත නිර්ණායක මත පදනම්ව, තරමක අකාර්යක්ෂමතා සහිත සහ ආර්ථික බලපෑම සඳහා සැලකිය යුතු විභවයක් ඇති රාජ්‍ය ව්‍යවසාය 20ක නියෝජිතයින් මෙම වැඩමුළුව සඳහා තෝරාගෙන තිබුණා.
ලංකා ධීවර සංස්ථාව, සිලෝන් නැවි සංස්ථාව, සී-නෝර් පදනම සමාගම, එල්කඩුව වැවිලි සමාගම, කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම, ලංකා ඛනිජ වැලි සමාගම, ලංක පෝස්පේට් සමාගම, ලංකා සතොස සමාගම, ලංකා සීනි සමාගම, මිල්කෝ සමාගම ඒ අතරට අයත්.