Saturday, March 29, 2025

General line - 0115112241

රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට

ටී කේ ජී කපිල



කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ඇය තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන හොංකොං නුවර වෙත ගොස්, එතැන් සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු‍ තුළ රසකැවිලි අඩංගු පැකට් කීපයක් තුළ අදාළ මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබුණා.

එලෙස ගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 200ක ප්‍රමාණයේ වටිනාකම රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව 38 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක්.