ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ බව කියන විදෙස්ගතව සිටින සැකකරුවන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.
ඔහු කියා සිටියේ විදේශගතව සිටින මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.
විදෙස්ගත අපරාධකරුවන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ පොලිස් ස්ථානවල සිටින දූෂිත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි පියවර ගනිමින් සිටින බවයි.