Wednesday, February 26, 2025

General line - 0115112241

ඔන්ලයින් ඩොලර් හොයන අයට අලුත් බද්දක්



තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත සියයට 15ක බද්දක් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මීටත් වඩා ඉහළ බදු ප්‍රතිශතයක් යෝජනා වී තිබූ බවත් මෙම බද්ද අනිවාර්යයෙන්ම අය කිරීමට සිදුව ඇති බවයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා.