පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පෙර මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළා.
ආරක්‍ෂාව සම්බන්දයෙන්ධ මාධ්‍යවේදීන් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළා.
මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති සටහන් දෙකක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඉකුත් 21 වනදා “පෝද්දල ජයන්ත” සහ “සනත් බාලසූරිය” යන නම්වලින් මුහුණු පොත ඔස්සේ මෙම පළ කිරීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.
මේ තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවයි මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.
මීට අදාළව සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මහාධිකරණ රෙස්ට්‍රාර්වරයා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අධි චෝදනා භාර දීම සිදුකෙරුණා.