Wednesday, February 26, 2025

General line - 0115112241

ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති තීරණාත්මක තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමේ



ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී කාණ්ඩයේ තවත් තීරණාත්මක තරඟයක් එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙනවා.

ඒ, පකිස්ථානයේ ලාහෝර්හිදීයි.

මෙම තරඟය කණ්ඩායම් දෙකටම අතිශය තීරණාත්මකයි.

තරඟයෙන් පරාජය වන කණ්ඩායමට බොහෝ දුරට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති. ඊට හේතු වූයේ ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති තීරණාත්මක තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමගයි.

ඒ අනුව මෙම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩයෙන් මේ වන විට නවසීලන්තය සහ ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.