Wednesday, February 26, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෙකු හා සැකකාරියක් රිමාන්ඩ්

උදය කුමාර



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සැකකරු හා සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කළ බවයි. රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ බවයි එහිදී ප්‍රකාශ වුණේ.

ඒ අනුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම සැකකරුවන් මාර්තු මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා. 

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා ඒ පිළිබඳව පෙර දැනුවත්ව සිටි බවට විමර්ශනවලදී සාක්ෂි අනාවරණය වී ඇති බවයි පොලීසිය පැවසුවේ.