Wednesday, February 26, 2025

General line - 0115112241

නාමල් පැය 05කට පසු CIDයෙන් පිටව යයි



ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ පිටව ගියා.

ඔහුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගත්තේ ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.   

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ප්‍රකාශය ලබා දීමට යාමට පෙර ඔහු මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්. 

පසුව නාමල් රාජපක්ෂ මහතාගෙන් පැය 05කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගත්තා.

ඉන් අනතුරුවද ඔහු මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.  

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා 14ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පසුගිය සමයේ චෝදනා එල්ල වී තිබුණා.

ඒ, එයාර්බස් සමාගමට අදාළව විදෙස් අධිකරණයක පැවති නඩු කටයුත්තකට ඉදිරිපත් වී තිබූ ලිපිලේඛන හරහා බවටයි වාර්තා වන්නේ.