මධ්‍ය කඳුකරයේ ඉකුත් සමයේ සිදුවූ ගිනි ගැනීම් බහුතරයකට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බවට හඳුනාගෙන තිබෙනවා.
පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ අලුත් තණකොළ ලබා ගැනීම ඇතුළු හේතු කිහිපයක් මුල් කරගනිමින් මෙම ගිනිතැබීම් සිදු කර ඇති බවයි.
ඇල්ල රක්‍ෂිතය ආශ්‍රිත ප්‍රදේශයේ පසුගිය සතියේ ඇතිවූ ගිනිගැනීම්වලින් ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇති බවද ඔහු කියා සිටියා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ මෙම ගිනිගැනීම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරමින් සිටින බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කැලෑ ගිනිතැබීම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැදිහත් වන බවයි.