ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සුපිරි ජයග්‍රහණය හේතුවෙන් මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවතට විසි වීමට ප්‍රබල එංගලන්ත කණ්ඩායමට සිදු වුණා.
ඊයේ පැවති තීරණාත්මක තරඟයෙන් එංගලන්තය පරාජය වූයේ ලකුණු 08කින්.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය කඩුලු 07කට ලකුණු 325ක් රැස් කළා.
ඔවුන් මෙතරම් දැවැන්ත ඉලක්කයක් වෙත ගියේ පන්දුවාර 09ක් තුළ ලකුණු 37කට කඩුලු 03ක් බිඳ වැටී තිබූ පසුබිමක සිටයි.
ඇෆ්ගනිස්ථානය දැවැන්ත ලකුණු පුවරුවකට ඔසවා තැබීමේ බර කරට ගත් ඊබ්‍රහීම් සඩ්‍රාන් පන්දු 146කදී ලකුණු 177ක් රැස් කළා.
එය චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
එමෙන්ම සඩ්‍රාන් රැස් කළ ලකුණු 177, ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු එක්දින ක්‍රිකට් පිටියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය තියුණු සටනක් ලබා දුන්නද ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 317ක් පමණයි.
එංගලන්තයේ ද කඩුලු බිඳවැටෙද්දී කණ්ඩායම ජයග්‍රහණයේ ආසන්නයට රැගෙන ගියේ ජෝ රූට්ගේ විශිෂ්ඨ ඉනිම හේතුවෙන්.
ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 120ක්.
ජෝ රූට් මෙලෙස එක්දින පිටියේ ශතකයක් රැස් කළේ 2019 වසරෙන් පසුව පළමුවරටයි.