සේවා අපනයන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් උපයන ආදායමට සියයට 15ක බද්දක් පැනවීම හේතුවෙන් එම ක්ෂේත්‍රයට අසාධාරණයක් සිදු නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ වෙනත් බදු ගෙවන පුද්ගලයින්ට සාපේක්‍ෂව සේවා අපනයන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට මෙම මෙහොතේ ලබා දී ඇති උපරිම සහනය ලබා දී ඇති බවයි.
ලක්ෂ දෙකේ සිට ලක්ෂ 10 දක්වා ආදායමක් උපයන වෘත්තිකයින්ට බදු අය කරන්නේ කෙසේද?
මෙරට සිටින වෘත්තිකයෙක් සපයන සේවා සඳහා අදාළ රටේදී බදු අයකර ඇත්නම් යළි මෙරටදීත් බදු අය කිරීමක් සිදු වනවාද?
කෙසේවෙතත් තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත සියයට 15ක බද්දක් පැනවීම හේතුවෙන් සේවා අපනයන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රට හැර යාමේ අවදානමක් මතුවිය හැකි බවයි තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා පැවසුවේ.