Thursday, February 27, 2025

General line - 0115112241

පිතිකරුවන් නිසා ශූරයින්ගේ කුසලානය වාර්තා පොතට



මෙවර පකිස්ථානයේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය නව වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඒ, වැඩිම පිතිකරුවන් සංඛ්‍යාවක් ශතක රැස් කළ තරඟාවලිය බවට පත් වෙමින්. 

මෙවර තරඟාවලියේ මූලික වටයේ තරඟ 07ක් පමණක් අවසන් වන විට පිතිකරුවන් රැස් කර ඇති ශතක සංඛ්‍යාව 11ක්.

එය 2002 වසරේ තරඟ 16කදී ශතක 10ක් වාර්තා වෙමින් පිහිටුවා තිබු වාර්තාව බිඳවැටිමක්. 

මේ අතර, ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, සත්කාරක පකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශය අතරයි.

කෙසේවෙතත් මෙම කණ්ඩායම් දෙකම මේ වන විටත් තරඟාවලියෙන් ඉවතට විසි වී අවසන්.