මේ වසරේදී වෙඩි තැබීමේ සිද්ධීන් 17ක් වාර්තා වූ බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ කාලය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් ද සාර්ථකව සිදුකල බවයි.
මේ අතර ඊයේ දිනයේද මිනුවන්ගොඩ පත්තඬුවන ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වුණා.
කෙසේවෙතත් ආණ්ඩුව අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉකුත් දිනවල වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධීන් හේතුවෙන් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොමැති බවයි.