අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි මහතාගේ දේහය අද සවස 06ට කඳානේ පොල්පිති මූකලානේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතව තිබෙනවා.
අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය මාර්තු 01 වනිදා උදෑසන තෙක් එම නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව එදින උදෑසන 8 සිට සවස 3:30 වන තෙක් ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න අවමංගල ශාලාවේ තැන්පත් කෙරෙනු ඇති.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු 01 දින සවස 04ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වූ වසන්න විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වන විට 65 වන වියේ පසු වුණා.