Sunday, March 30, 2025

General line - 0115112241

නීතිවිරෝධී දුම්වැටි සමග මෙරට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

ටී කේ ජී කපිල



විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

ඔහු බහරේන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු‍ තුළ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,000ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් සොයාගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසුවේ.

එලෙස සොයාගත් දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ තිහක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.