හෙට්ටිපොළ පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 09ක දැරියක් මිය ගොස් තිබෙනවා.
එම දැරියගේ මිත්තණියද වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මියගිය දැරිය සහ ඇයගේ මිත්තණිය නිවසේ රැඳී සිටියදී නිවස ආසන්නයේ කිසියම් පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්දය ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවා.