අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.
ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැය ශිර්ෂ අද විවාදයට ගැනීමට නියමිතයි.
මේ අතර, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වූ ඊයේ දිනයේ ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඇතුළු වැය ශීර්ෂ 21ක් විවාදයට ගැණුනා.
එම වැය ශිර්ෂ අතරින් කිහිපයක් සංශෝධන සහිතවත් අනෙක් වැය ශීර්ෂයන් සංශෝධන රහිතවත් සම්මත වුණා.
එම විවාදයට එක්වූ මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ පසුගිය වසරේ අවසන් කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 191කින් වැඩි වී ඇති බවයි.