Sunday, March 30, 2025

General line - 0115112241

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟයක් අද



ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.

තරඟාවලියේ බී කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා මෙම තරඟය ජය ගැනීම දෙපිළටම වැදගත් වනවා.

පකිස්ථානයේ ලාහෝර් නුවරදී දිවා රාත්‍රී තරඟයක් ලෙස මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.