Friday, February 28, 2025

General line - 0115112241

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු සොරකම් කළ දේපළ කිහිපයක් පොලිස් භාරයට 



රැඳවුම් නියෝග ලබා ගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් අනාවරණ වූ තොරතුරු අනුව ඔවුන් විසින් සොරකම් කරන ලද යතුරුපැදියක්, ත්‍රීරෝදරථයක් සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල අවිවලට යොදන පතොරම් 13ක් කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා පසුගිය 23වනදා අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සහ හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 100ක් සොයාගැණුනු බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.