අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.
ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැය ශිර්ෂ 07ක් අද විවාදයට ගැනෙනවා.
අද දිනයේ එම විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් දැකවූයේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමග සාකච්ඡා කළ යුතු බවද ඔහු කියා සිටියා.
ඉන් අනතුරුව විවාදයට එක්වූ මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ පොලීසිය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයම දේශපාලනීකරණයෙන් මුදා ගැනීමට රජයට හැකි වී ඇති බවයි.
විමර්ශන කටයුතු සඳහා අනෙකුත් ආයතනවල සහය කඩිනමින් ලබා ගැනීම සඳහා ආයතන 38ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.