Friday, February 28, 2025

General line - 0115112241

ඌරෙකුට තැබූ වෙඩිල්ලකින් හෙට්ටිපොළ දැරියකට දිවි අහිමි වෙයි



හෙට්ටිපොළ පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී අපරික්‍ෂාකාරී වෙඩි තැබීමකින් නව හැවිරිදි දැරියක් මිය ගොස් එම දැරියගේ මිත්තණියට තුවාල සිදුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හෙට්ටිපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි මඟුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය එම ගිනි අවියට අදාළ බලපත්‍රය හා හිස් පතොරම් කොපු දෙකක්ද සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවා. 

මියගිය දැරිය සහ ඇයගේ මිත්තණිය නිවසේ රැඳී සිටියදී ඊයේ රාත්‍රියේ නිවස ආසන්නයේ කිසියම් පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්දයක් ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී ඔවුන් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එහිදී තුවාල ලැබූ දැරිය සහ ඇයගේ මිත්තණිය කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම දැරිය මියගොස් ඇති බව පොලීසිය පැවසුවා. වෙඩි වැදුණු දැරියගේ මිත්තණිය කුලියාපිටිය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.