බද්දේගම, ඇත්කඳුර ප්‍රදේශයේදී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකුට අනෙක් පාර්ශවය විසින් තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතන සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 33 සහ 36 යන වයස්වල පසුවන මැද්දේවිල, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක්.
මෙම ආරවුලෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකුද ගාල්ල හා ඇල්පිටිය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බද්දේගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.