පැසිෆික් කලාපයේ සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ (ISCP) වර්තමාන සභාපති, හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මාලදිවයිනේ කථානායක ගරු අබ්දුල් රහීම් අබ්දුල්ලා මැතිතුමා අතර හමුවක් ඊයේ (27) මාලදිවයින පාර්ලිමේන්තුවේදී සිදුවිය.
එහිදී, ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක සාම සම්මේලනයට සහභාගී වන ලෙස මාලදිවයින කතානායකතුමාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ආරාධනා කරන ලදී.
එහිදී එම ආරාධනාව සුහදව පිලිගත් මාලදිවයිනේ කතානායකවරයා, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී මාලදිවයින වෙනුවෙන් ලබා දුන් සහයෝගය පිළිබඳ සිය ස්තූතිය පිරිනැමීය.
සෑම විටම ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තිබෙන මිත්‍රත්වය සහ සහයෝගය වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද එහිදී සඳහන් කර තිබේ.
වත්මන් දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහිදී හිටපු ජනාධිපතිතුමා විසින් සමරු සටහනක් තැබීමටද කටයුතු කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සලයේ නියෝජිතයින් සහ මාලදිවයින් කතානායකතුමාගේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්තාවට සහභාගී විය.