සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය මගින් සංවිධානය කරනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ 5 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව රණවන පුරාණ විහාරස්ථානයේ දී මාර්තු පළමු වනදා (01) පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා
මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අතර මෙම වැඩසටහන ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගීමත්ව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් සංවිධානය කරන වැඩසටහනකි.
විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද පරිපුරක වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් මෙන්ම ඖෂධ නිකුත් කිරීම ද මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන තුළින් සිදු කරනු ලබනවා