පසුගිය වසරේ නොවැම්බර් මස 05 වනදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් තිදෙනෙකු තලාතුඔය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තලාතුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සහ තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උඩුදෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
උඩුදෙණිය ප්‍රදේශයේ නිවසක් බිඳ වයස අවුරුදු 70ක කාන්තාවකගේ හුස්ම හිර කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 34, 36 සහ 41 යන වයස්වල පසුවන මඩවල සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
සැකකරුවන් විසින් එම නිවසේ තිබූ දේපළ සහ රන් භාණ්ඩද සොරාගෙන ඇති අතර ඒවායින් කොටසක් උකුවෙල ප්‍රදේශයේ රන්භාණ්ඩ උකස් කරන ස්ථානයකට විකුණා ඇති බවද අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.