Friday, February 28, 2025

General line - 0115112241

නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට උසස් නිලතල කාරක සභාවේ නිර්දේශය



නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිව තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස වයි කේ ගුණසේකර මහත්මිය පත් කිරිමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.

බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එස් එස් දිසානායක මහත්මිය පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී එම තීරණවලට එළඹ ඇති බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.