Monday, March 31, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීවගේ මරණයට අදාළ තීන්දුව නිකුත් වෙයි

උදය කුමාර



ගණේමුල්ල සංජීවගේ මරණය, වෙඩි තැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද තීන්දු කළා.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද කොළඹ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.