බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔරුගොඩවත්ත සිට වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හෙට සහ අනිද්දා දිනවලදී හදිසි අලුත්වැඩියාවක් සිදු කිරීමට නියමිත බවයි එහි දක්වා ඇත්තේ.
ඒ අනුව හෙට දිනයේ උදෑසන 09 සිට අනිද්දා පස්වරු 04 දක්වා එම මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.