Friday, February 28, 2025

General line - 0115112241

ජාතික ආරක්‍ෂාව පිළිබඳ සැක මතුකරමින් ආණ්ඩුව පෙරළිය නොහැකි බවට ජනපතිගෙන් ප්‍රකාශයක්



ජාතික ආරක්‍ෂාව හෝ වෙනත් චෝදනා එල්ල කරමින් ආණ්ඩුව බිඳ වැට්ටවීමට විපක්ෂය සිතා සිටින්නේ නම් එය ඉටුකරගත හැකි අරමුණක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව පෙරළා දැමිය හැක්කේ ආණ්ඩුවට වඩා ශිෂ්ටසම්පන්න වීමෙන් පමණක් බවයි cකියා සිටියේ.

අයවැය කාරක සභා අවස්ථාවේ දෙවන දිනය වූ අද විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. අද දිනයේ විවාදයට ගැණුනේ ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැය ශිර්ෂයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. 


සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතාවන් මැඩපැවැත්වීම සඳහා නීතිමය රාමුවක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

p>


මේ අතර අද දිනයේ විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.


මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විවාදයට එක් වෙමින් කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් ලබන වසරේ අයවැයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විවාදයට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.


මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.