Monday, March 31, 2025

General line - 0115112241

විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට

ටී.කේ.ජී.කපිල



රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනආ ගුවන් මගියෙකු අද අලුයම ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා 

මොහු ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

මොහු  අද දින අලුයම 12.00 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි 

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විද්‍යුත් දුම්වැටි 100 ක් සගවා ගෙන සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් සිදුකරනු ලබනවා 

.